කොටි රත්තරන් වලට ආරක්ෂාව

519

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලතිව් මුල්ලිවයික්කාල්-කුරුන්දඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ වළදමා ඇති රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පිරිසක් උත්සහ කිරිමත් සමගම ඊයේ (24දා) රාත්‍රී එම කෝවිල් භුමියට යුද හමුදාවේ ආරක්ෂාව යොදවා තිබේ.
කෝවිලේ මුරකරුවකු විසින් කිසියම් පිරිසක් කෝවිල් භූමිය හෑරීම සදහා සූදානම් වන බව දැකීමෙන් පසුව ඔහු ඒ බව කෝවිලේ ප්‍රධාන පූජකවරයාට සැල කිරීමෙන් පසුව පූජකවරයා මේ ගැන ආරක්ෂක අංශ වලට පැමිණිලි කොට තිබේ.
ඒ අනුව කෝවිල් භූමියට යුද හමුදාව හා පොලිසිය පැමිණ රාත්‍රියේ සිට ආරක්ෂාව දැඩි කොට ඇත.
මුලතිව් පොලීසිය මේ ස්ථානය හෑරීම සදහා පැමිණි පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment