එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන් මැයි මස 08 වැනිදා සිට මාසයක කාලයක් දක්වා පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ටිම් බූන් සිය ධුර කාලයේදී ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම, ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17න් පහළ ජාතික යොවුන් කණ්ඩායම්වල පිතිකරණ කුසලතා නැංවීම වෙනුවෙන් ක්‍රියා කරන අතර, බූන් සතු අත්දැකීම් සම්භාරය ඔහුගේ පුහුණුකාරිත්වය සමග මෙරටට ලැබෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත පිතිකරණයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනු ඇත.
සුසිල් ජයකොඩි