ඩුබායිහි සිට මෙහෙයවන මාරවිල මහා පරිමාණ කුඩු ජාවාරමක්

49

කාන්තාවන් දෙදෙනකු ඇතුළු 12ක් අත්අඩංගුවට

ඩුබායිහි සිට මෙහෙයවනු ලබන මහා පරිමාණ කුඩු ජාවාරමක මෙරට ප්‍රධාන ජාවාරම්කරුවෙකු හා මත්කුඩු බෙදා හැරීමේ නිරත වන පුද්ගලයන් නව දෙනකු, කාන්තාවන් දෙදෙනකු හා බෙදා හැරීමට සූදානම් කළ මත්කුඩු පැකට් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය සමත් විය.

වෙන්නප්පුව පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ගුණසේන මහතාට ලැබූ තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් අංකයන් හා දුරකථන අංකයන් ඔස්සේ විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් හා සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැකට් කර විකිණීමට සූදානම් කළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 220ක් සමග යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහක පුද්ගලයෙකි. එම සැකකරු අවශ්‍යතාව අනුව කුඩා ප්‍රමාණයේ පැකට් සකස් කර මෙම ජාලයට බෙදා හරින බව සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ. ඔහු සතුව තිබී බැංකු ගිණුම් හයක බැංකු කාඩ් පත් හයක්ද සකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන 10ක්ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් කොටදෙනියාව, ඇටියාවල, දංකොටුව, වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඩුබායිහි සිට මෙහෙයවන මාරවිල මහා පරිමාණ කුඩු ජාවාරමක්

මෙම ජාවාරම මෙහෙයවන ඩුබායි හි වෙසෙන ප්‍රධාන ජාවාරම්කරු මෙරට සිටින සැපයුම්කරුවන්ගේ මාර්ගයෙන් මාරවිල ප්‍රදේශයේ අත්අඩංගුවට පත් ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුට සැපයීම සිදු කරන බවත් පසුව ජාවාරම්කරුවන්ගේ ඉල්ලුමට අනුව සැපයුම් ලබා දී දිම සිදුවන බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් බැංකු කාඩ් අදාළ බැංකු හා සම්බන්ධ වෙමින් අධිකරණ නියෝගය මගින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහත්ගේ අධීක්ෂණය යටතේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment