තරුණයෙකු පසු පස එළවා වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි

102

ගාලු පාරේ වෙරළ පාර ආසන්නයේ තරුණයෙකු පසු පස එළවා පැමිණ වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු සමග යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ජීව උණ්ඩ 15ක් හා යතුරුපැදි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු ගුවන් හමුදාවේ වසර එකහමාරක කාලයක් සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසීය.

ඝාතනය සඳහා වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිය කොටස් කර ව්‍යාජ අංක තහඩු දෙකක් සමග පැදිකරුද කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයේ නිවස පිටුපස වළ දමා තිබියදී සොයා ගෙන තිබේ.


advertistmentadvertistment