සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණ ද 2023 වර්ෂයේ දි පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 11.2ක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.
මෙකී විදුලිබල සමාගමට සාම්පූර්හි මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් පිහිටුවීමට 2018 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි. කෙසේවුවද එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2024 මාර්තු මස 31 වැනිදා වන විටත් ආරම්භ කර නොතිබුණි.
මේ වන විට මෙකී සමාගමේ අලාභය රුපියල් මිලියන 635.2කි.
ලලිත් චාමින්ද