තේ රබර් පොල් නිෂ්පාදනය පහළට

36

මෙම වර්ෂයේ (2025) ජනවාරි මස සිට පෙබරවාරි මස දක්වා කාලයේ දී තේ, රබර්, පොල් යන ප්‍රධාන භෝගවල නිෂ්පාදනය පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ දී තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 15.6 දක්වා පහත වැටී ඇත. රබර් නිෂ්පාදනය ද ඉකුත් වර්ෂයේ (2024) පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ දී කිලෝග්‍රෑම් මිලියන 5.3 දක්වා සියයට 5කින් පහත වැටී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

පොල් නිෂ්පාදනය ද මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී පොල්ගෙඩි මිලියන 178.1 දක්වා සියයට 31.6කින් පහත වැටී තිබුණි. 2024 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 260.5කි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment