දකුණු ලෙබනනයට දරුණු ප්‍රහාරයක්

225

දකුණු ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේය.

ඉකුත් 14 වැනිදා උතුරු ඊශ්‍රායලය වෙත ලෙබනනයේ සිට මිසයිල ප්‍රහාර එල්ලකර තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් ඊට පසු දින (15දා) මෙම ප්‍රතිප්‍රහාර එල්ලකර තිබුණි.

පසුගිය දින කිහිපය පුරා දෙපාර්ශ්වය එකිනෙකාට ප්‍රහාර එල්ලකරගෙන තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා හිස්බුල්ලා සාමාජිකයින් 300ක් සහ ලෙබනන් සාමාන්‍ය වැසියන් 80ක් පමණ මියගොස් ඇත. හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල හමුදා භටයින් 18ක් සහ සාමාන්‍ය වැසියන් 10ක් මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment