මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැවැත්වෙන දන්සල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 200 දෙනකු යොදවා ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
දන්සල් 100කට අධික සංඛ්‍යාවක් සඳහා අවසර ලබාගෙන ඇතැයි ද එම සංගමයේ නියෝජිත සඳුන් හේමන්ත මහතා ‘දිවයින’ට පැවැසීය.
දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට සපයා ඇති ජංගම වැසිකිළි පහසුකම්වල තත්ත්වය ගැන නිරන්තරයෙන්ම සොයා බලන බව ද හෙතෙම කීය.
මීට අමතරව කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ද නිරන්තරයෙන්ම නිලධාරීන් සොයාබලමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.
ලක්ෂ ගණනින් ජනතාව ඇදී ආවත් ඔවුන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව ගැන නිරන්තරයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සොයා බලන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
මීට අමතරව නුවර ප්‍රදේශයේ සියලුම හෝටල්, වෙළෙඳසල් පරීක්ෂාවට ලක් කිරීම ද සිදු කරන බව ද ඒ මහතා කීය.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පැය 24 පුරාම සේවයේ යෙදෙන බව ද හෙතෙම කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්