දයාසිරිගේ ශ්‍රීලනිප ලේකම්ධුරයට දුන් අධිකරණ තීන්දුව

112

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment