දවසකට රෝගීහු 120ක්: ඩෙංගු වැඩිවීමක්

1

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ගතවූ සතියක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 870 දෙනකු වාර්තා වී ඇති බවත්, දිනකට රෝගීන් 120 දෙනකු පමණ වාර්තා වන බවත් එම ඒකකය කියයි.

වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද එම ඒකකය කියයි.

මේ අතර, මෙම වසරේ (2024) මේ දක්වා ගතවූ මාස 6යි දින 28ක කාලයේදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 27,871 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරණ 9ක් වාර්තා වන බවත් එම ඒකකය කියයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 10,511ක් බවත් එම ඒකකය පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment