දළදා දැක්මෙන් පස්සේ  clean kandy 

69

අද සිරි දළදා වන්දනාවේ අවසන් දිනයයි .සිරි දළදා දැක්ම අවසන් වීමත් සමගම ක්ලීන් කැන්ඩි නමින්  පවිත්‍රතා වැඩසටහනක් මහනුවර නාගරික ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කෙරේ.
ඒ අනුව 27 වන දින සිරි දළදා දැක්ම අවසන් වූ පසු  දළදා දැක්ම අවසන් වන එදින සිටම clean kandy නමින් පවිත්‍රතා  වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අභයකෝන් මහතා පවසයි.
සිරි දළදා දැක්ම වෙනුවෙන් සංවිධානය කොට පැවති පිවිසුම් මාර්ග තුන හා මහනුවර නගරයේ කේන්ද්‍රගත කරමින් පවිත්‍රතා කාර්යය සිදුකරන බවත් මෙහිදී  පෙර පැවති තත්ත්වයට මහනුවර පත් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ බවත් ඒ මහතා පැවසීය.
 එසේම මහනුවර පාසැල් හැට එකක්(61) සිරි දළදා දැක්ම වෙනුවෙන් වසා පැවති අතර ඉන් පාසල් විසි හතරක්(24) සඳුදා දිනයේ දී(28) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉතිරී පාසල් 37 පවිත්‍රතා කටයුතු පවතින බැවින් සඳුදා දිනයේදී නොව අඟහරුවාදා දිනයේ දී(29) ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවද ඒ මහතා පැවසීය. මහජනතාව වෙනුවෙන් සේවා සැපයීමට යොදාගත් මෙම පාසල් 37 නිසි ලෙස පවිත්‍ර කටයුතු සිදු කිරීමට කලින් ශ්‍රී ලංකා බලකාය ඇතුළු මහජන සංවිධාන රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක් ඒකාබද්ධව clean kandy වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මේ යටතේ කලාප පහළොවකට බෙදා වෙන්කොට පවිත්‍රතා කටයුතු සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


advertistmentadvertistment