දැවැන්ත කන්ටේනර් නෞකාවක් මඟ වැරදි නෝර්වේ වැසියකුගේ ගෙවත්තට කඩා වදී

938

සයිප්‍රස් රාජ්‍යයේ ලියාපදිංචි කරන ලද දැවැන්ත කන්ටේනර් නෞකාවක් සිය ගමන් මාර්ගය වැරදී මෙන් පෙරේදා (22දා) උදෑසන නෝර්වේ රාජ්‍යයේ නිවසක උද්‍යානයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මීටර් 135ක් දිගැති කන්ටේනර් ප්‍රවාහනය කරන භාණ්ඩ නෞකාවක් වන ‘එන් සී එල් සෝල්ටන්’නෞකාව නෝර්වේ රාජ්‍යයේ නිරිතදිග ප්‍රදේශය වෙත ගමන් කරමින් තිබියදී එහි ගමන් මාර්ගය වැරදි ශීඝ්‍රයෙන් ගොඩබිමට කඩා වැදී නිවසක උද්‍යානයකට පිවිසීමෙන් පසු නතර වී ඇති බව වාර්තා වේ.

නෞකාව ජොහාන් හෙල්බර්ග් නමැත්තාගේ නිවසෙහි උද්‍යානයට පිවිසෙන අවස්ථාවේ ” විශාල ශබ්දයක් නිකුත් වීම නිසා ඔහුගේ අසල්වැසියා විසින් ඒ බව දැනුම් දීමේන් ඇත්තේ දුරකථනය මාර්ගයෙන් බව අනාවරණය වී තිබේ. සිය අසල්වැසියා විසින් කළ දැනුම් දීමට අනුව සිය නිවසෙහි ජනේලයෙන් පිටත බැලූ හෙල්බර්ග්හට දක්නට ලැබී ඇත්තේ දැවැන්ත නෞකාවක් සිය උද්‍යානයේ නතර වී ඇති ආකාරයයි. නෞකාව තවත් මීටර් පහක් පමණ ඉදිරියට පැමිණියේ නම් හෙල්බර්ග්ගේ කාමරය තුළට එය කඩා වැදීමට ඉඩ තිබූ බව බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ. නෞකාව තුළ කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 දෙනෙකු සිට ඇති අතර මෙම අනතුරෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ. මෙසේ ගෙවත්තකට කඩා වැදී ඇති නෞකාව එම තත්ත්වයට පත්වීමට මුල් වූ හේතුව සොයාගැනීම සඳහා නෝර්වීජියානු බලධාරීන් විසින් විමර්ශනයක් දියත් කර තිබේ. මෙම නෞකාව 2023 වසරේදීත් මේ ආකාරයෙන්ම ගොඩබිමට කඩා වැදී ඇති අතර එම අවස්ථාවේදී එම නෞකාව සිය ශක්තියෙන් නැවත මුහුදට ගමන් කර ඇති බව බලධාරීහු සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment