2006 – 2021 කෝටි 553,000ක වත්කම් ලේඛන ගතනොවීම බරපතල තත්වයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

102

2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛනවල සටහන්ව නැතැයි විගණකාධිපති විසින් පෙන්වාදීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒමහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ සීයක් වැය කලොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ සීයකින් වැඩි වෙන්න ඕනි. ආණ්ඩුව ලක්ෂ පන්සීයක පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ පන්සීයකින් වැඩි වෙන්න ඕනි. නමුත් මුදල් වියදම් කළත් ආණ්ඩුවේ ලේඛන වලට අළුතින් වත්කම් එකතු වෙලා නැති නම් වාහනය පාවිච්චි කරන කෙනා ඒක ගෙදර පාවිච්චියට ගෙන ගියත් ඒක ආණ්ඩුව දන්නේ නෑ. ඒ වගේම පාසල් ගොඩනැගිල්ල හදනවා කියලා ආණ්ඩුවේ ලොක්කෙක් තමන්ගේ ගේ හදා ගත්තත් ඒක දන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් ද?
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment