දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි

152

ජූනි මස 07 වැනි දිනට වසර 15ක් සපිරුණු දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය පූජනීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ අතින් ජූනි මස 21, පොසොන් පොහෝ දින දියත් කරන ලදි. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී පැවැති, දිවයින සහ බුදුමඟ පුවත්පත්වල බැතිබර මුද්‍රිත මාධ්‍ය දායකත්වයෙන්, සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය විසින් සංවිධානය කරන ලද භාවනාමය සීල සමාදාන වැඩසටහනට සමගාමී ව මේ සුබ කටයුත්ත සිදු කරන ලදි.

මේ අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනෙවිය, දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක ඒ. ආර්. කුලසිංහ, තොරතුරු තාක්ෂණ කළමනාකාර කිත්සිරි ඒකනායක මහතා ද එක් ව සිටියහ.

මෙදින පස්වරුවේ පූජනීය අරියඤාණ ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලද භාවනාමය ධර්ම දේශනයට බුදුමඟ අපේ පන්සල වැඩසටහන සම්බන්ධ විය.

දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි
දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි
දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි
දිවයින බුදුමඟ ධර්ම සංග්‍රහයේ නිල වෙබ් අඩවිය දියත් කෙරෙයි

(ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ)

advertistmentadvertistment
advertistmentadvertistment