විදුලිය කැපීම්… ඉන්ධන ප්‍රශ්න රටේ අර්බුද… මේ හැම දෙයක් මැදම අපි පුහුණුවීම් කළා

202

ශූරියන්ට ජන හරසර
මේ ජය රටේ වාසනාවක්… ඒත් අද අපිට පසු පෙළක් නැහැ…

පුහුණුකරුවන් දිහා බැලුවත් තත්ත්වය එයමයි
ආසියාව දිනූ අපේ දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි හයසින්ත් විජේසිංහ කියයි

හයවැනි වරටත් ආසියාවේ දැල්පන්දු ශූරතාව දිනාගනු ලැබුවේ රට තුළ පැවැති අර්බුදකාරී වාතාවරණයන් මධ්‍යයේ බව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි හයසින්ත් විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ඊයේ (13 දා) බණ්ඩරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැති විශේෂ උත්සවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

විදුලිය කැපීම්... ඉන්ධන ප්‍රශ්න රටේ අර්බුද... මේ හැම දෙයක් මැදම අපි පුහුණුවීම් කළා
විදුලිය කැපීම්... ඉන්ධන ප්‍රශ්න රටේ අර්බුද... මේ හැම දෙයක් මැදම අපි පුහුණුවීම් කළා
විදුලිය කැපීම්... ඉන්ධන ප්‍රශ්න රටේ අර්බුද... මේ හැම දෙයක් මැදම අපි පුහුණුවීම් කළා
විදුලිය කැපීම්... ඉන්ධන ප්‍රශ්න රටේ අර්බුද... මේ හැම දෙයක් මැදම අපි පුහුණුවීම් කළා

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි, හයසින්ත් විජේසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.

අපි යනකොට ඇත්තටම ප්‍රශ්න ගොඩක් තිබුණා. ක්‍රීඩිකාවන් දොළොස්දෙනාම එක වගේ නොසිටි නිසා තේරීම්වලදී ගැටලු පැනනැඟුණා. නමුත් අපි අපේ රටේදී හොඳින් පුහුණුවීම් කළා. නමුත් විදුලි ඇනහිටීම් සහ ඉන්ධන ප්‍රශ්නය අපිට විශාල ලෙස බලපෑම් ඇති කළා. නමුත් මේ අර්බුදකාරී අවස්ථාවේදී ලංකාවට ජයග්‍රහණයන් අවශ්‍ය බව මා වගේම කණ්ඩායමත් විශ්වාස කළා. මේ ජයග්‍රහණය වාසනාවක්. නමුත් අද අපිට පසුපෙළක් නැහැ. පුහුණුකරුවන් දිහා බැලුවත් තත්ත්වය ඒකම තමයි. නමුත් අපි දැන් සැලසුම් හදාගෙන යනවා. නමුත් බාධක මැද්දේ ආසියානු කුසලානය මව්බිමට දිනා දෙමින් අපේ ජනතාවගේ මුවගට සිනහවක් එක් කිරීමට අපිට හැකිවීම ගැන අපි හැමෝම ඉතාමත් සතුටට පත් වෙනවා. 2005 වසරෙන් පසුව මට හමුවූ හොඳම සහ කීකරුම කණ්ඩායම වුණේ මේ කණ්ඩායමයි. මෙම කණ්ඩායම වේගය අතින් ඉතා උසස් මට්ටමක සිටියා. තේරීම් කමිටුව අවස්ථා කීපයක දී කණ්ඩායම් කීපයක් මා වෙත යොමු කළා. අගෝස්තු මාසයේත් තවත් කණ්ඩායමක් යොමු කළා. මම ඔවුන් සමග ඉතා අසීරුවෙන් තරග කරලා මේ ජයග්‍රහණය ලබා ගත්තා. බොහෝ අවස්ථාවලදී කණ්ඩායමේ නව දෙනෙකු පමණයි ක්‍රීඩා කළේ.

ඒ වගේම තර්ජනී ශිවලිංගම් ඉදිරි කාලයේ අපෙන් සමුගත්තොත්, අපේ කණ්ඩායමට වන දේ සිතා ගැනීමටත් අපහසුයි. හේතුව දෙවන පෙළ ක්‍රීඩා කණ්ඩායමක් හැදිල නැහැ. මම මේ පිළිබඳව දැල් පන්දු ෆෙඩරේෂණයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය සමග ද දීර්ඝ වශයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කළා යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

සුජීව තත්සර

ඡයාරූප – සමන් රණවීර, නිමල් දයාරත්න
ගුවන්තොටුපළ – ටී.කේ.ජී. කපිල
කටුනායක – ආනන්ද නිශ්ශංක
ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණුපොත

advertistmentadvertistment
advertistmentadvertistment