දුම්රිය එන්ජින් 78කට ‘දෙයියන්ගේම පිහිටයි’

2548

අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර තිබූ දුම්රිය එන්ජින් 78ක් අලුත්වැඩියා කිරීම් සිදුනොකර වසර එකත් හතත් අතර කාලයක සිට ධාවනාගාරවල හෝ රත්මලාන වැඩපළෙහි රඳවා ගෙන සිටින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව M class එන්ජින් 103ක් තිබෙන අතර ඉන් එන්ජින් 47ක් අලුත්වැඩියා කටයුතු සඳහා ධාවනයෙන් ඉවත් කර ඇත. M class වර්ගයේ එන්ජිමක වටිනාකම රුපියල් මිලියන 15ත් 765 ත් අතර වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රුපියල් මිලියන 08 සිට 218 අතර දක්වා වටිනාකමට මිලදීගෙන තිබූ S class එන්ජින් 133 අතුරින් එන්ජින් 31ක් අලුත්වැඩියා සඳහා යොමුකොට වසර හතකට අධික කාලයක සිට අලුත්වැඩියා කටයුතු සිදුනොකොට ධාවනාගාරවල රඳවාගෙන සිටින බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේ දී රුපියල් මිලියන 7650 වැයකොට M 11 වර්ගයේ එන්ජින් 10ක් එන්ජින් 05ක් ධාවනයෙන් ඉවත්කර අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකොට තිබුණි. M class වර්ගයේ එන්ජින්වල ක්‍රියාකාරිත්වය ඉහළ තත්ත්වයක් පෙන්නුවද මෑතකදී මිලදීගත් එන්ජින්වල ක්‍රියාකාරිත්වය දුර්වල වීමට තාක්ෂණික සහ වෙනත් අඩුපාඩු හේතු වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment