රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුනේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට සැකපිටය .
අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක මහතා සඳහන් කළේය.
ඒ අනුව දුමින්ද දිසානායක මහතා මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.