කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්, සිදුකළ බවට චෝදනා එල්ලවී තිබේ.ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් ද බව සඳහන් ය.
1993 – 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කර ඇත.
දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක සිට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.
ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගාවලියේදී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගැනීමට සමරවීර සූදානමින් සිට ඇති අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමගම ඔහු ඉන් ඉල්ලා අස්වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.