පරිවර්තකයෙක්, නාට්‍යකරුවෙක්, ලේඛකයෙක්, සම්මාන දිනූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ සාහිත්‍ය විචාරකයකු වූ ආරියරත්න විතානයන් අද (13) අළුයම සිය දිවි ගමන නිමා කර තිබේ .
හෙතෙම , රුසියානු සාහිත්‍යය මෙරට සාහිත්‍ය කලාව තුළ ජීවමාන කිරීම උදෙසා විසල් මෙහෙවරක යෙදුනු ප්‍රවීණයෙකි . ඔහු සිය දිවි සැරිය නිමා කළේ තංගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය .
කාවල් කාරයා, අවිගත් සමයක, ප්‍රභාකරන් ඉන්නවා කෙටිකතා සංග්‍රහ තුනක්, බිඟුරොඳ හැඬුවා නවකතාව මෙන්ම ඇන්ටන් චෙකොෆ් චරිතාපදානය, මුහුදු ලිහිණියා, එතෙර ජනකතා, ආදර විනිශ්චය, තෝල්යා සහ යහළුවන්ගේ හපන්කම්, චෙකෝෆ්ගේ නාට්‍ය තුනක්, පලස්තීන කෙටිකතා, සිකුරු යුද්ධය, කෙටි නාට්‍ය අටක් ඇතුළු පරිවර්තන කෘතින් රැසක් ආරියරත්න විතානයන් මෙරට සාහිත්‍යයට එකතු කර තිබේ.
සෙලිනගෙ වලව්ව, බිරිඳ, ඉරැස්මා, උපන් දින තෑග්ග, සිත්තර පැංචා, කළුතර බෝධිය, කැලණි විහාරය, ගිනි කුසුම වැනි චිත්‍රපට මෙන්ම රූපවාහිනී වැඩසටහන් රැසක තිර පිටපත් රචක ලෙස කටයුතු කළේද මෙතුමායි. ආරියරත්න විතාන මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “අතුරු මිතුරු”ළමා වෘතාන්ත චිත්‍රපටය 1984 වසරේදී ජනාධිපති සම්මාන හතරක් හිමිකර ගන්නට සමත්වුණු නිර්මාණයකි . ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ “ඉරැස්මා”ළමා වෘතාන්ත චිත්‍රපටය ඉතාලි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයෙන් පවා පිදුම් ලැබීය . චිකාගෝ සහ බැංගලෝ(ර් ) සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ “තෘප්ති” සහ දොස්තර එස.ඒ. වික්‍රමසිංහ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය කළ “අරගලයක සටහන්” වාර්තා චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටත්වය ඔප් නැංවූ නිර්මාණයකි
මඟුල් හටන, රන් කූඩුව, ජන සම්මත තුලා ලකුණ, කෝච්චිය, තෙල් දොතක්, වලසා සහ පරස්තාව ආරියරත්න විතානයන් විසින් නිර්මාණය කළ වේදිකා නාට්‍යය කිහිපයකකි .