ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඉබි යතුරු දමා වසා දැමීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය විසින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාලව අද කැඳවනු ලැබූ නඩු විභාගයට පක්ෂයේ වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙනී සිටීයේ නැත.ඒ සම්බන්ධව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු උසාවියට දැනුම්දී සිටියේ තම සේවාදායකයාට අදාල සිතාසි ලැබී නැති බවය.එහිදී අධිකරණය නියෝග කළේ අදාල සිතාසි නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිවසටම ගොස් භාරදෙන ලෙසය.
|