ට‍්‍රාන්ස්ෆෝමරයක අවුලෙන් තායිවානයේ  ප‍්‍රධාන නගරවල විදුලිය බිඳ වැටේ  

168

තායිවානයේ විදුලි බලාගාරයක සිදු වූ අනතුරක් හේතුවෙන් අගනුවර වන තායිපේ නගරය ඇතුළු ප‍්‍රධාන නගරවල විදුලිය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. දකුණු දිග තායිවානයේ පිහිටි විදුලි බලාගාරයක සිදුව ඇති හදිසි අනතුරක් හේතුවෙන් මෙසේ රටේ ප‍්‍රධාන නගරවල විදුලි සැපයුම බිඳ වැටී ඇති අතර මෙම හදිසි විදුලිය බිඳ වැටීම කර්මාන්ත මෙන්ම නිවාස ලක්ෂ පනහකට පමණ බලපා ඇති බව වාර්තා වී තිබේ.

තායිවානයේ ආර්ථික කටයුතු ඇමැතිනි වැන්ග් මෙයිහුවා පුවත්පත් සාකච්ඡුාවක් කැඳවමින් ඊයේ (03දා) පවසා ඇත්තේ විදුලිය ඇන හිට ඇති උතුරු තායිවානයේ

නගරවලට හා දකුණු තායිවානයේ නගරවලට ඊයේ දිනය ඇතුළත විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි. තායිවානයේ විදුලි සැපයුමෙන් හතෙන් එකක් සපයන ‘සින්ග්ඩා’ නමැති විදුලි බලාගාරයේ ට‍්‍රාන්ස්ෆෝමරයක් අනතුරට පත් වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment