හොඳම නළුවා කමල් අද්දරආරච්චි (2019) කුමාර තිරිමාදුර (2020)

හොඳම චිත්‍රපට ගින්නෙන් උපන් සීතල, ‘ද නිවුස් පේපර්’

විසිවැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර පහකට පසු වීම තවත් සුවිශේෂත්වයකි.

2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරිණි.

මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතිය ද හිමිවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් “ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…

2019 වසරේ හොඳම නළුවා ලෙස ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රඟපෑ කමල් අද්දරආරච්චි මහතාත්, 2020 වසරේ හොඳම නළුවා ලෙස ද නිවුස්පේපර් චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර මහතා ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…

2019 වසරේ හොඳම නිළිය ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ රඟ පෑ සමාධි ලක්සිරි මහත්මිය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑ නීටා ප්‍රනාන්දු මහත්මිය ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්තාය.

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…

2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ගින්නෙන් උපන් සීතල අධ්‍යක්ෂණය කළ අනුරුද්ධ ජයසිංහ මහතා වෙනුවෙන් සහ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් පාංශු අධ්‍යක්ෂණය කළ විසාකේස චන්ද්‍රසේකරම් මහතා වෙනුවෙන් සම්මාන පිරිනැමිණ.

2019 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ අතර 2020 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.

මෙහිදී පුරෝගාමී සම්මාන සේන සමරසිංහ, සෝමපාල ලීලානන්ද සහ ජෝර්ජ් මනතුංග. සුනිල් ටී. ප්‍රනාන්දු කථානායක මහින්ද යාපා අබේවර්ධන අතින් සම්මානයට පාත්‍ර වූ අතර එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න යන මහත්වරුද සහභාගි වූහ.

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…

මෙම සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නැගී එන නිළිය ලෙස හුස්ම චිත්‍රපටයේ රඟපෑ චමත්කා ලක්මිණීත් හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය පාංශු චිත්‍රපටයේ රඟපෑ ශේවියර් කණිෂ්කට ද හිමිවිය.

2020 හොඳම සංගීත අධ්‍යක්ෂණය ද නිවුස්පේපර් හි සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ගයත්‍රී කේමදාසට හිමි විය. 2019 වසරේ හොඳම නිෂ්පාදක ගින්නෙන් උපන් සීතල නිෂ්පාදනය කළ චමත්කා පීරිස්ට හිමි වූ අතර 2020 වසරේ හොඳම නිෂ්පාදක සම්මානය ද නිවුස්පේපර් නිෂ්පාදනය කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි, රවීන්ද්‍ර ගුරුගේට හිමිවිය.

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…
20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…
20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල දා…
advertistmentadvertistment
advertistmentadvertistment