පුන්සඳ හිනැහෙන්නේ පළමු සැමරුම

463

කලාශූරී විමලදාස පෙරේරා පළමුවන ගුණානුස්මරණය 14 දාට යෙදී තිබේ.

හෙතෙම ගුවන් විදුලි මාධ්‍යය තුළ වැඩ සටහන් නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකුද විය. සිනමාව තුළ පළමුව සිනමා පුවත්පත් සඟරා සංස්කාරවරයෙකි. දෙවනුව චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂවරයකු විය. ගීත කලාව තුළ මධුර මනෝහර ගීත රචකයෙකි.

අප ගීත කෝකිලාවිය, රුක්මණී දේවිය, නෙවිල් ප්‍රනාන්දු එක්ව ගැයූ ‘මල්බර හිමිදිරියේ’ ‘මැණිකේ ඔබේ සිනහවේ’ රුක්මනි සී.ටී. ප්‍රනාන්දු ගැයූ පුන්සඳ හිනැහෙන්නේ ගීත අඩසියවසක් පසුකර තිබුණද අද ද ඉතා ඉහළම ශ්‍රාවක ප්‍රතිචාර නොමඳව ලබමින් ජනප්‍රියව පවතී.

ජෝතිපාල, මිල්ටන්, බෙග් මාස්ටර්, මොරිස් දහනායක, දයා අබේසේකර, හෙන්රි පෙරේරා, හරුන් ලන්ත්‍රා, සුසිල් ප්‍රේමරත්න, එම්.එස්. ප්‍රනාන්දු, සී.ඩී.ෆොන්සේකා, සුජාතා අත්තනායක, අයිරින් ද අල්විස්, ඇන්ජලීන්, ලතා දිසානායක, චිත්‍රා සෝමපාල, නිමලා අතපත්තු, අමිතා සතරසිංහ, ජී.එස්.බී. රාණි, රෝහිණි සුදසිංහ, ලිලියන් ගුණවර්ධන සහ තවත් බොහෝ ගායක ගායිකාවන් වෙනුවෙන් කලාශූරී විමලදාස වැනි ගීත රැසක් රචනා කර ඇත.

ගාමිණී හා මාලනී රඟපෑ සැණකෙලිය, විජය රඟපෑ පොඩි නංගී ඇතුළු සිනමාපට කිහිපයක්ම ඔහු අපට දායාද කළේය.

  • නෙවිල් පී. විද්‍යාරත්න
advertistmentadvertistment
advertistmentadvertistment