එස්.එම්.එස්. මගින් සිසුවියන්ට කුණුහරුප යැවූ ගුරු අමනයා ගැන දෙමාපියන්ගෙන් පැමිණිලි

466

මුලතිව් තුනුක්කායී ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරයෙකු තම ශිෂ්‍යාවන්ට ජංගම දුරකතනය ඔස්සේ කෙටි පණිවුඩ යවමින් ඔවුන්ව ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවා ගැනීමට උත්සහ දරන බවට දෙමව්පියන්ගෙන් පැමිණිල්ලක් පෙරේදා (15 දා) විදුහල්පතිවරයාට ලැබී තිබේ.

පසුගිය කාලයේ ජංගම දුරකතනය මගින් ඉගැන්වීමේ කටයුතු සිදුකළ කාලවකවානුවේදී ඔහු මේ ක්‍රියාව ආරම්හ කළ බවත්, මේ දිනවල ඔහුගේ පෞද්ගලික උපකාරක පන්තිවලට යන ශිෂ්‍යාවන්ට අනිසි ලෙස බලපෑම් කරන බවත් පැමිණිල්ලේ සඳහන් කොට ඇත. මෙම ගුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට කටයුතු කරන ලෙස දෙමව්පියන් විදුහල්පතිවරයාගෙන් ඉල්ලා ඇත. අදාළ ගුරුවරයා විසින් එක් ශිෂ්‍යාවකට යවන ලද අසභ්‍ය පණිවුඩයක් ඇගේ මවට හසුවීමෙන් පසුව මව එම පන්තියේම සිටින සෙසු ශිෂ්‍යාවන්ගේ මව්වරුන්ගෙන් මේ ගැන විමසූ පසුව ඔවුන් සියලුම දෙනා තම දියණියන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කොට බැලීමේදී එවැනි පණිවුඩ කීපයක්ම දැක ගැනීමට හැකි වී තිබේ. විදුහල්පතිවරයා පැමිණිල්ල ඉදිරිපත් කළ දෙමව්පියන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් පළාතේ ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත්කොට ඉතා ඉක්මනින් විසඳුමක් ලබාදෙන බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment