නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අතුරුදන් වූ  තරුණයාට පහර දී  පුළුස්සා ඝාතනය කරලා

1391

අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ තිබී පහරදී ඝාතනය කර පුළුස්සා දමන ලද බවට සැක කරන තරුණයකුගේ අඩක් පිළිස්සුණු මළ සිරුරක් ඊයේ (24දා) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අතුරුදන් වූ  තරුණයාට පහර දී  පුළුස්සා ඝාතනය කරලා

මෙලෙස අවාසනාවන්ත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊ/26 දේවානම්පියතිස්ස පුර, තිසාවැව අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි ඒ. කේ. එම්. වපාස් නැමැති විසි එක් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

23 දා රාත්‍රියේ තම නිවසේ මෙම තරුණයා රූපවාහිනිය නරඹමින් සිට ඇති බවත් පසුදා උදෑසන නිවසේ කාමර තුළ නොමැති බව දැන ගත් පසු අවට ප්‍රදේශයේ සොයා බලා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පසුව නිවස ආසන්නයේ පිහිටි රක්ෂිත කොටස තුළ තිබී අඩක් පිළිස්සුණු මෙම තරුණයාගේ මළ සිරුර සොයා ගත් බවත් මරණකරුගේ සිරුරේ පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන ලක්ෂණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment