නීතිය ඉදිරියේ සැමට ඇති සම අයිතිය ආරක්‍ෂා කරමු

113

ටොරින්ටන් චතුරශ්‍රයේ පැවැත්වූ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලින් පසුව, ග්ලොස්ටර් ආදිපාදතුමා, එම දේවිය සහ සම්භාවනීය අමුත්තන්ද ඉදිරියේ සිංහ කොඩිය එසවූ ඩී. එස්. සේනානායක අගමැතිතුමා සිංහලෙන් 1948 පෙබරවාරි 4 වැනිදා පැවැත්වූ ශ්‍රේෂ්ඨ ඓතිහාසික කතාව.

“මේ සිහිකටයුතු ඓතිහාසික දිනයේ ලංකාවාසීන්ට වචන ස්වල්පයක් කීම මගේ යුතුකම යයි මට හැඟේ. මෙහි රැස්ව සිටින සමූහයා වූ කලී සමහර විට අපේ ඉතිහාස කාලයේ කිසියම් අවස්ථාවක එකම තැනක රැස්වූ විශාලතම ජනකාය වෙන්ට පුළුවන. මෙහි රැස් වූ පිරිස අති විශාල වුවද එය අපේ රටේ ජනගහනයෙන් සුළු කොටසක් බවට සැකයක් නැත. ඒ නිසා නවීන විද්‍යාත්මක දක්ෂ පුරුෂයනුත් විසින් නිපදවා තිබෙන උපකරණ රට මුළුල්ලේම හැකි තරම් විශාල සංඛ්‍යාවකට මගේ කතාව ශ්‍රවණය කරවීමට ආධාර කොට ගනිමි.

ස්වාධීන ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය නැරඹීම සඳහා මෙහි රැස්ව සිටින සමූහයා සමග එක්වීමට තමුන්නාන්සේලාගෙන් වැඩි දෙනකුම බොහෝ ආශා කළ බව මම දනිමි. එහෙත් කටයුතුවල අන්දමට ඊට ඉඩක් නොලැබෙන්නට ඇත.

නීතිය ඉදිරියේ සැමට ඇති සම අයිතිය ආරක්‍ෂා කරමු
නිදහස් ගිවිසුම අත්සන් තැබීම

එසේ වුවද මේ අවස්ථාවේ තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහ රජාණන්වහන්සේ විසින් ස්වකීය සහෝදරයා තෝරා ගැනීමෙන් කළ උතුම් ක්‍රියාව ගැන අපේ හෘදයාංගම ප්‍රීතිය ප්‍රකාශ කරන බව ම විසින් කියන විට මා ප්‍රකාශ කරන්නේ ලංකාවාසීන්ගේ ඒකමතික හැඟීම දනිමි.

අප ප්‍රීති වන මේ අවස්ථාවේ ග්ලොස්ටර් ආදිපාදතුමාටත් එම දේවියටත් අප සමග එක්වීමට පුළුවන් වීම ගැන අපි බොහෝ සතුටු වම්හ.

‘අපි නැවතත් නිදහස් ජනතාවක් වීමුයි’ ප්‍රීති වන තරම් උද්‍යෝගයක් නැති කිසියම් කෙනෙක් අප අතර සිටින්න යයි මම විශ්වාස නොකරමි. ශත වර්ෂ තුනක් මුළුල්ලේ අපි නිදහස ලබා ගැනීම සඳහා බටහිර ආණ්ඩුත්, පෘතුගීසි, ඕලන්ද සහ බි්‍රතාන්‍යයන් සමග සටන් කළෙමු. 1815 මාර්තු 2 වැනිදා උඩරට රාජධානිය බි්‍රතාන්‍ය කිරීටයට පවරමින් අපේ ස්වාධීනත්වය පිළිබඳ 4 වැනිදා බ්‍රි‍තාන්‍ය කිරීටය ඒ ස්වාධීනත්වය ලංකාවාසීන්ට ලේ බිඳක්වත් නොවැගිරීමෙන් ඒ නිදහස පවරා දීම ගැන අපි බොහෝ ප්‍රීති වම්හ. එය එසේම ඉතා සුදුසුය. ලංකාවාසී බොහෝ දෙනකු විසින් අදහන බුද්ධාගම ලේ වැගිරවීම නින්දිත කොට සලකයි. ලෝකය වෙනුවෙන් අප ඒ ආගම ආරක්‍ෂා කරගෙන සිටින බව අපට නොපැකිළව කිව හැක. අන් රජවරුද එය ආරක්‍ෂා කරමින් එය පවත්වාගෙන යාමට ප්‍රතිඥා දුන්හ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව ද එසේම එකඟ වූයේය. එහෙත් බෞද්ධ ධර්මයෙහි අංගයක් වූ ඉවසීමෙන් යුත් දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ආණ්ඩුව සෙසු අයට ද කැමති ආගමක් ඇදහීමට ඇති නිදහසට බාධාවක් නොකළේය. මෙය සෑම අයෙකුටම හිමි වීම මූලික ඇදහීමට කෙනකුට ඇති නිදහස නැති කරන්නට පුළුවන්කමක් නැත. අපට ලැබුණු නිදහසෙහි ඒ නිදහස ගැබ්වී ඇත්තේය.

නීතිය ඉදිරියේ සැමට ඇති සම අයිතිය ආරක්‍ෂා කරමු

මේ නිදහස අප ලැබුවේ යුද්ධයෙන් පීඩිත වූ ලෝකයට අප විසින් කරන ලද සේවයන් නිසායයි අපි විශ්වාස කරම්හ. අප විසින් ඒ සේවයන් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභිවෘද්ධියත්, කාරුණිකත්වයත්, සාමයත් සඳහාය. අපට ස්වාධීනත්වය පැවරීමෙන් උච්චස්ථානයට පත් ව්‍යවස්ථානුකූල ආණ්ඩු ප්‍රතිසංස්කරණයෙන් ඒ අපේ සේවය කෙරේ දැක්වූ සැලකිල්ල ගෙනහැරපානු ලැබේ.

ඇත්ත වශයෙන්ම අපට පැවරූ මේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය දේශපාලන නෛපුණ්‍යයේ චිරාගත උසස් ප්‍රතිපත්තිවලට එකඟය. බි්‍රතාන්‍ය බලය පැවැති මේ ශතවර්ෂ එකහමාර තුළ කාලයේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් පැවැති භේදයත් පොරයත් නිසා අනතුරු අඩියකට පත් වී තිබුණු සමගිය සම්බන්ධයෙන් හැඟීම යළිත් පිහිටවනු ලැබීය. ‘මැග්නාකාටා’ ගිවිසුමෙහි ගැබ් වී නිදහස සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවෙහි යොදවනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවල වටිනාකම අපි දැන ගතිමු. කෙනකුට ඇති නිදහසත්, වැසියාත්, දේපළත් ආරක්‍ෂා කිරීමත් කතා කිරීමට ඇති නිදහසත් ආගමකට ඇති නිදහසත් අපි අගය කොට සලකමු. නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වය ද අපි අගය කොට සලකමු.”

නීතිය ඉදිරියේ සැමට ඇති සම අයිතිය ආරක්‍ෂා කරමු

අපේ ආණ්ඩුවේ කටයුතු කෙබඳු සංවර්ධන අවස්ථාවකට පත්වීද යත්, අපට අපේ කටයුතු පාලනය කර ගැනීමට හැකි වන පරිදි සම්පූර්ණ බලය අප අතට ගන්නා තත්ත්වයකට එළඹ තිබේ. බ්‍රිතාන්‍යයන් ස්වකීය පාලන බලයෙන් ඉවත් වී යාම ‘යහපත් ආණ්ඩුවක්’ ස්වෛරී ආණ්ඩුවක් වෙනුවෙන් යොදාගත නොහැක්කකි.’ යනුවෙන් බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලකයකු වරක් පැවසූ අගනා අදහස ක්‍රියාත්මක ලෙස පිළිගැනීමක් බව අපි කෘතඥතාවයෙන් සඳහන් කරමු. බි්‍රතාන්‍ය ආණ්ඩුව කරගත් මෙම තීරණය බි්‍රතාන්‍ය ආණ්ඩුව සමග පවත්නා අපේ මිත්‍රත්වය අපේ මුතුන් මිත්තන්ගේ භාෂාවෙන් කියන පරිදි ඉරහඳ පවත්නා තෙක් ශක්තිමත්ව පැවැතීමට හේතු වන්නේ යයි කීම අනවශ්‍යය.

අපි බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සිටීමට අපේ කැමැත්තෙන් තෝරා නියම කර ගතිමු. අපි එම මණ්ඩලය තුළ මින්මතු සිටින්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අදහසට යටත් ජනතාවක් වශයෙන් නොව, පොදු රාජ්‍ය මණ්ඩලයේ වගකිවයුතු සාමාජිකයකු වූ බ්‍රිතාන්‍ය ජනතාවත් සමග සමානත්වයෙහි යටත් භාවයක් ඇති නොවන්නාක් මෙන්ම නිදහස් ලෙස රටවල් ආශ්‍රය කිරීමටත් එක සමාන මිත්‍රත්වයකින් ඔවුන් හට සම්බන්ධයක් ඇතිව සිටීමටත් පුළුවන.

නිදහසත් සමග භාරදුර වගකීම් රඳා ඇත්තාහ. මින්පසු අපේ ක්‍රියා සහ අඩුපාඩු අපටම අයිති ඒවාය. මින්මතු අපේ පාලන කටයුතුවලදී ඇති වන වැරැදි සහ අඩුපාඩුවලට අන්‍යයන්ට දොස් පැවරීමට අපට නුපුළුවන. මේ ප්‍රස්තාවයෙන් ප්‍රයෝජනය ගෙන මෙරට ශ්‍රීමත්භාවයත් සමෘද්ධියත්, දියුණු කිරීමට උත්සාහ දැරීම සෑම ජාතිකයකුගේම යුතුකම විය යුතුය. මෙම ජනතාව ජාතීන් කිහිපයකින් යුක්තය. එක එක ජාතියකට ස්වකීය සංස්කෘතියක් හා ඉතිහාසයක් ද ඇත්තේය. ඒ උතුම්භාවය ගොඩනැංවීමට අධිෂ්ඨාන කර ගැනීම සඳහා අප තුළ විද්‍යමාන, ඉතා හොඳ වූ සියලු දෙයම එක්තැන් කර සාමය ආරක්‍ෂාව සහ යුක්තිය ඇති කිරීමට ලෝකයේ සෙසු පක්‍ෂ සමග එකතු වීම අපි පිට පැවරී තිබෙන යුතුකමකි.

සකස් කළේ නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment