කාගිල්ස් බැංකුව, 2023 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍යමය වර්ධනයක

59

තම ප්‍රත්‍යස්ථිතිය මැනවින් විදහා දක්වමින්, විධිමත් මූල්‍ය උපාය ක්‍රමවේදයක් ඔස්සේ ද්‍රවශ්‍රීලතාව සහ ගනුදෙනුකරුවන් මනාව කළමනාකරණය කරගනිමින් ගුණාත්මක පාරිභෝගික සමූහයක් පවත්වා ගැනීම ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක අවස්ථාවන්හිදී ස්ථානෝචිතව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සියල් සපිරි සේවාවන්ගෙන් යුත් විශිෂ්ටතම බැංකුව බවට පත්වීමේ දැක්ම ඔස්සේ ශක්තිමත්ව ඉදිරියටම ගමන් කිරීමට කාගිල්ස් බැංකුවට හැකි විය.

බැංකුවේ මුල්‍යමය හැරවුම නැවත සනාථ කරමින්, පසුගිය වසරේ පළමු අර්ධයේ වාර්තා වූ රුපියල් මිලියන 144 ක බදු පෙර මෙහෙයුම් ලාභය 2023 වසරේ පළමු අර්ධයේ රුපියල් මිලියන 615 ක බදු පෙර ලාභයක් දක්වා විශිෂ්ට වර්ධනයක් වාර්ථා විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 වසරේ පළමු අර්ධය සඳහා බැංකුවේ බදු පසු ලාභය (PAT) රුපියල් මිලියන 253 ක් ලෙස වාර්තා වූ අතර, එය 2022 වසරේ අනුරූප කාල සීමාවේදී වාර්ථා වූ රුපියල් මිලියන 195 අලාභයට වඩා සැලකිය යුතු වර්ධනයකි.

එමෙන්ම 36%ක ප්‍රතිශතයකින් වර්ධනය වූ මුළු මෙහෙයුම් අදායම රුපියල් බිලියන 2.4 ක් ලෙස වාර්තා විය. ඒ සඳහා ප්‍රධාන සාධකයක් වුයේ රුපියල් බිලියන 1.8 ක් ලෙස 30% කින් ඉහල ගිය ශුද්ධ පොළී අදායමයි. තවද රුපියල් මිලියන 446ක් ලෙස 2023 පළමු අර්ධයදී වාර්තා වූ හානිකරණ අලාභය 2022 වසරේ අනුරූපී කාලසීමාවට අදාලව 44% අඩුවීමකි. රුපියලේ අගය ක්ෂය වීමත් සමඟ ව්‍යුහාත්මක වියදම් වර්ධනය වීම හේතුවෙන් මුළු මෙහෙයුම් වියදම රුපියල් මිලියන 1,369 ලෙස 21% කින් ඉහළ යෑමක් පෙන්නුම් කලද, සමස්ත ආදායමට සාපේක්ෂව වියදම් අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුවේ වාර්තා වූ 63% අගයට අනුරූපීව 2023 දෙවන කාර්තුවේ 56% ලෙස ප්‍රගතියක් පෙන්වුයේ අදායම් ඉහළ අගයක පවත්වා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

2023 වසරේ මේ දක්වා වාර්තා වූ රුපියල් බිලියන 67ක් වූ බැංකුවෙහි සමස්ථ වත්කම් ප්‍රතිශතයක් ලෙස 25% කින් ඉහල අගයක ඇත. වෙළඳපොල තුල කැපී පෙනෙන වර්ධනයක් සහිතව කොටසක ශුද්ධ වත්කම 2023 වසර ආරම්භයේ දී වාර්තා වූ රු 11.01 අගයට වඩා ජුනි 30 දින වන විට රු 11.82 දක්වා වර්ධනය විය.

2023 ජුනි 30 වෙනි දිනට 21.84%ක මුළු ප්‍රාග්ධන අනුපාතයක් හා 29.36% ක ද්‍රවශීල වත්කම්ල අනුපාතයක් වාර්තා කරමින් තම මූල්‍යමය ශක්තිය හා ස්ථාවරත්වය සහතික කිරීමට කාගිල්ස් බැංකුවට හැකි විය. මෙවැනි වර්ධනයක්, කාගිල්ස් බැංකුවේ ස්ථාවර පදනම සහ ඕනෑම බාහිර බාධක සහ තත්වයන් හට ශක්තිමත්ව මුහුණ දීමට ඇති හැකියාව සඳහා මනා සාධකයන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment