AIA ඉන්ෂුවරන්ස් හි දායකත්වයෙන් පැවති දේශීය සහ විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා වූ Hackathon අභියෝගය සාර්ථකව නිම වේ

58

AIA ඉන්ෂුවරන්ස්හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.

2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී විය. මාස 5ක් පුරාවට පැවති මෙම අභියෝගය සඳහා සමාගම් 80කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ අතර සංකීර්ණ වූ ව්‍යාපාර ක්‍රියාවලීන් වඩාත් සරලව ක්‍රියාත්මක කළහැකි ආකාරය අරමුණු කරගත් මූලාකෘති විසදුම් 4ක්ද මේ සඳහා ඉදිරිපත් කර තිබුණි.

AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් සහ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම අභියෝගය පවත්වනු ලැබුවේ, සමාජයීය සුභසෙත සඳහා වන මුලපිරීමක් වන ASEAN Financial Innovation Network (AFIN&), දායකත්වය දක්වන්නා වූ Monetary Authority of Singapore (MAS)” International Finance Corporation (IFC)) සහ ASEAN Bankers Association (ABA) යන ආයතනයන්හී සහයෝගීතාවයෙනි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ API Exchange (APIX) පාදක කරගෙන AFIN සහ ලෝකයේ ප්‍රථම දේශසීමා අතර විවෘත වාස්තුවිද්‍යා (open Architecture) API වෙළෙඳපොළ සහ sandbox platform හි පුරෝගාමීත්වය යටතේ fintech සහ මූල්‍ය සමාගම් අතර සහයෝගීත්වය සඳහාය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (International Finance Corporation – IFC) සහයෝගීතාවයෙන් APIX පාදක කරගෙන Hackathon අභියෝගයක් පැවැත්වූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට AIA ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා සමාගම පත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment