උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමගින් ඊයේ (24වැනිදා) දිනට එළැඹුණු විශේෂ නැකතක් අනුව වසරේ පළමු ගනුදෙනුව නුවරඑළිය ලංකාවේ බැංකු ශාඛාව සමඟ
ගනුදෙනු කරන්නට පැමිණි ප්‍රථම ගනුදෙනුකරුවා සමග ගනුදෙනු සිදු කිරීමට නුවරඑළිය ලංකා බැංකු කළමනාකාරීත්වය කටයුතු කරනු ලැබීය.
නැකතට ගනුදෙනු කළ පාරිභෝගිකයන්ට විශේෂ ගනුදෙනු ත්‍යාගයකුත් පිරිනැමීමට ලංකා බැංකු කළමනාකාරීත්වය මෙහිදී කටයුතු කර තිබීම විශේෂත්වයකි. එහිදි නුවරඑළිය ශාඛා කළමනාකරු එච්. ඩබ්ලිව් .ආර්. සි. සේනානායක මහතා විසින් එදින ලංකා බැංකු ශාකාවට පැමිණි මුල්ම ගනුදෙනුකරු වෙත ත්‍යාගයක් පිරිනමන අයුරු ඡායරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය කළමනාකාරිණි ටී. ඒ. ඒස්. අරණා මහත්මියද සහභාගී විය.
මෙහිදී ලංකා බැංකුව කළමනාකාරතුමන් කියා සිටියේ සුභ නැකතට ගනුදෙනු කරනවා මෙන්ම වසර පුරාවටද සියලු පාරිභෝගිකයන් සමග ඉතාමම සුහදශීලීව ගනුදෙනු කිරීම හා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් තේරුම් ගෙන සිය සුහදශීලි සේවාව ලබාදීමට නුවරඑළිය ලංකාවේ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලය සූදානම් බවයි.
නාලක රත්නායක – නුවරඑළිය