නෙතට කඳුලක් දී දුම්රියේ ගැටුණු වන අලි

281

වනඅලි රංචුවේ ගැටුණු ඉන්ධන දුම්රිය පීලි පැනීමෙන් කොළඹ – මඩකලපුව ගමනාගමනය නවතී

වන අලි දෙදෙනෙක් මරුට

තෙල් ටැංකි දෙකකට බර හානි

කොළඹ – මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ දුම්රිය සැතපුම් 146 1/2 ප්‍රදේශයේදී කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන දුම්රිය ඊයේ (18 දා) අලුයම 3.30ට පමණ දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වන අලි දෙදෙනකු මියගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි දෙකක් පෙරළී දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇත. අනතුරින් පසු ඊයේ (18 දා) උදේ මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

නෙතට කඳුලක් දී දුම්රියේ ගැටුණු වන අලි

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලිසිය, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වනජීවී නිලධාරීන් එක්ව සිදු කරගෙන යනු ලබති. ජායාරූපයෙන් දැක්වෙන්නේ දුම්රිය ගැටීමෙන් මියගිය වන අලියා හා ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකිවලට අනතුරින් බරපතළ ලෙස හානි සිදුවී ඇති අයුරුයි.

ඇළහැර – නිශ්ශංක වෙලගෙදර සහ මින්නේරිය – සුසිල් කරුණාතිලක


advertistmentadvertistment