නොපෙනෙන සඳට චීනය අභ්‍යවකාශ යානයක් යවයි

264


ලොව ප්‍රථම වරට පෘථිවියට නොපෙනෙන සදෙහි දුරස්ථ කොටසෙහි සාම්පල රැගෙන ඒමේ අරමුණින් චීනය සද වෙත මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක් යැවු බව විදෙස් මාධ්‍ය පවසයි.

දකුණුදිග චීනයේ හයිනන් දුපතේ පිහිටි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ලෝන්ග් මාච්-5 රොකට්ටුවෙන් මුදා හැරුණු ,චැන්ග් ඊ-6 , අභ්‍යවකාශ යානය මෙසේ සද වෙත ඉකුත් 03 වැනිදා ගමන් අරඹා තිබේ.මෙය චීනය විසින් මෙතෙක් සද වෙත යැවුණු සංකීර්ණතම චන්ද්‍ර රෝබෝ ‍යානය සේ සැළකෙන අතර එය වසර 2030 දී සදට ගගනගාමින් යැවීමේ හා සදෙහි දක්ෂිණ ධ්‍රැවයෙහි පර්‍යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට චීනය විසින් සකස් කර ඇති සැලසුමෙහි වැදගත් සන්ධිස්ථානයක් බව චීන අභ්‍යවකාශ බලධාරිහු පවසති.ඉකුත් 03 වැනිදා සද වෙත ගමන් ඇරඹු චීනඅභ්‍යවකාශ යානය දින 53 ක ගමනකින් පසු පෘථිවියට දර්ශනය නොවන සදෙහි සැගවුණු දුරස්ථ කොටසෙහි ආවාටයකට ගොඩ බැස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment