පන්ජාබ් ගොවියකුට දාව උපන් සිංගප්පූරුවේ පළමු නාවික හමුදාපති

526


සිංගප්පූරුවේ පළමු නාවික හමුදා ප්‍රධානියා වූ එස්.ජස්වාන්ට් සිංහ ගිල් ජාතිකත්වයේ මුල් අවදියේ දී රටේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන චරිතයක් සහ ප්‍රධාන දායකයෙක් විය. පන්ජාබ් ගොවියෙකුට දාව උපන් ඔහු වයස අවුරුදු හයේදී සිංගප්පූරුවට පැමිණියේ ඔහුගේ මාමා සමගය.ඔහුගේ ජීවිත කාලය පුරාම ගිල් හමුදාවේ ප්‍රමුඛ තනතුරු දැරුවා පමණක් නොවල සීක් ප්‍රජාව තුළද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.1963 සහ 1966 අතර සිදු වූ ඉන්දුනීසියාව සහ මැලේසියා සම්මේලනය අතර ගැටුමක් වූ කොන්ෆ්‍රන්ටසි අතරතුර සිංගප්පූරුව වෙනුවෙන් සටන් කළ ගිල්ගේ හමුදා ජීවිතය ආරම්භ විය. 1967 දී බ්‍රිතාන්‍ය නික්ම යාමෙන් පසු ඔහු සිංගප්පූරු නාවික ස්වේච්ඡා බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.
ගිල්ගේ බෑණනුවන් වන කිර්පාල් සිදුු ඔහුව විස්තර කළේ කුඩා කාලයේ සිටම දරුවන් තුළ විනය සහ විශිෂ්ටත්වය ඇති කරන ලද පවුලේ ප්‍රධානියා ලෙසය. දරුවන්ට පන්ජාබි භාෂාව චතුර ලෙස කතා කිරීමටත් හාර්මෝනියම් සහ තබ්ලා වැනි සාම්ප්‍රදායික සීක් සංගීත භාණ්ඩ වාදනය කිරීමට ඉගෙන ගැනීමටත් ගිල් වග බලා ගත්තේය.
ගිල්ගේ ජීවිතය සනිටුහන් වූයේ සිංගප්පූරුවේ ජාතිය ගොඩනැගීම සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම සහ සීක් ප්‍රජාවට ඔහු කළ දායකත්වයෙනි. ඔහු විනය සේවය සහ කැපවීම යන වටිනාකම් මූර්තිමත් කළ අතරඔහුව හඳුනන අයට සහ ඔහු සේවය කළ රටට සදාකාලික බලපෑමක් ඇති කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment