ලිතියම් නිධියක් ජම්මු සහ කාශ්මීරයෙන් සොයාගනී

283


ජංගම දුරකථන සහ සූර්ය බලය ඇතුළු උපාංග ගණනාවක් සඳහා බැටරි නිෂ්පාදනයට උපකාරී වන ලිතියම් ටොන් 5.9 ක් සහිත සංචිතයක් උතුරු ජම්මු සහ කාශ්මීර කලාපයේ රියාසි දිස්ත්‍රික්කයෙන් සොයාගත් බව ඉන්දීය රජය නිවේදනය කරයි.ලිතියම් යනු ඉතා ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු හා සංයුක්ත අවකාශයක විශාල ශක්ති ප්‍රමාණයක් ගබඩා කළ හැකි දුර්ලභ ඛනිජයකි. එය බැටරිවල භාවිතයට සුදුසු ද්‍රව්‍යයක් බවට පත් කරයි. මෙලෙස ප්‍රථම වරට සැලකිය යුතු ලිතියම් සංචිත ඉන්දියාවෙන් සොයා ගැනීම දකුණු ආසියාතික යෝධයාගේ පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය වීමේ සැලසුම් සහ විද්‍යුත් වාහන සඳහා වන තල්ලුව සඳහා මනා පෙරනිමිත්තක් දක්වන වැදගත් සොයාගැනීමක් යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජම්මු සහ කාශ්මීරයේ පතල් ලේකම් විවේක් භාරද්වාජ් පැවසූවේ පළමු වතාවට ලිතියම් නිධි සොයාගෙන ඇති අතර එයද ජම්මු සහ කාශ්මීරයෙන් බවය.

ස්වයං විශ්වාසය යන්නෙන් අදහස් කරන නරේන්ද්‍ර මෝදි රජය විසින් ප්‍රවර්ධනය කරන ලද සටන් පාඨයක් වන ඉන්දියාව ආත්මනිර්භාර් බවට පත්වීමේ මාර්ගයට මෙය විශාල අත්වැලක් බව පැවසූ භාරද්වාජ් මහතා මෙම තීරණාත්මක ඛනිජ සොයා ගැනීම ජංගම දුරකථන සහ සූර්ය බලය ඇතුළු උපාංග ගණනාවක් සඳහා දේශීය බැටරි නිෂ්පාදනයට උපකාරී වනු ඇති බවයි. 2030 වන විට රට තුළ අලෙවි වන වාහන සඳහා වන සමස්ත වෙළඳපොළෙන් සියයට 30ක් විදුළි වාහන අත්පත් කර ගැනීම ඉන්දියාවේ අරමුණයි.ගෝලීය ලිතියම් සංචිතවලින් අඩකට වඩා පැමිණෙන්නේ දකුණු ඇමරිකානු රටවල් තුනෙනි.
අනෙක් අතට චීනය ලිතියම් අයන බැටරි නිෂ්පාදනයේ ඉහළම තරග කරුවෙකි. ලෝකයේ එවැනි බැටරි වලින් හතරෙන් තුනකට වඩා ඔවුන් නිෂ්පාදනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment