පකිස්ථාන අමාන් නාවික අභ්‍යාසයට සහභාගීවූ රටවල් ගණන අඩුවේ

213


පකිස්ථාන නාවික හමුදාව විසින් මෙවර පවත්වන ලද අමාන් නාවික අභ්‍යාසය සඳහා ආරාධනා කරන ලද රටවල් 110න් නැව් හෝ සබ්මැරීන යැවීමට පියවර ගෙන තිබුනේ රටවල් හතක් පමණක් බව විදෙස් මාධ්‍ය පවසයි. එම රටවල් වූයේ ඇමරිකා එක්සත් ජනපදය, චීනය,ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව,මැලේසියාව, ඉතාලිය සහ ජපානය පමණි. මෙය දින හතරක ද්විවාර්ෂික නාවික අභ්‍යාසයකි. මෙලෙස අඩු සහභාගීත්වය පාකිස්තානයේ වැඩිවන හුදකලාවේ තවත් සලකුණක් යැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියානු සාගරයේ හෝ ජපාන මුහුදේ හෝ පැසිෆික් සාගරයේ සෑම වසරකම පැවැත්වෙන මලබාර් වැනි අභ්‍යාස සඳහා එක්සත් ජනපද නාවික හමුදාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ගුවන් යානා වාහක නෞකාවක් ඇතුළු සමස්ත යුධ කණ්ඩායමක් යවයි. මෙවර එක් යුධ නෞකාවක් පමණක් යවා ඇත. අමාන් අභ්‍යාසයට මෙලෙස සහභාගීත්වය අඩුවීම ජාත්‍යන්තර තලයේ පාකිස්තානයේ දුෂ්කරතා පිළිබඳ ලකුණක් බව ද එය විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පකිස්තානයට බලපෑමක් බවද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment