බොරු කකුල්කාරයෝ

351

අපි බොරු කකුල්කාරයෝ දකින්නේ පෙරහැර කාලයේදී වුණත් ඉතියෝපියාවේ ජීවත් වෙන බන්නා (Banna) ගෝත්‍රිකයින් සාමාන්‍ය ජීවිතයේදීත් බොරු කකුල් ආධාරයෙන් ඇවිදින බැව් ඇසුවොත් ඔබ මවිතයට පත් වෙනු ඇති.

මේ අන්දමින් තමන්ගේ සාමාන්‍ය කකුල්වලට බොරු කකුල් යොදා ගෙන ඇවිදීමේ පුරුදු 1800 වැනි ඈත යුගයේදී ප්‍රංශයේ පවා පැවැතුණා. නමුත් කාලයත් සමග බොහෝ ගෝත්‍රිකයන්ගේ පවා ඇතැම් චාරිත්‍ර, වාරිත්‍ර වගේම සම්ප්‍රදායන් වෙනස් වුණා. එහෙත්

බොරු කකුල්කාරයෝ

“බන්නා” ගෝත්‍රිකයින් තවමත් ඔවුන්ගේ අතීත පුරුදුවලින් දුරස් වී නැහැ.

නමුත් ඉතියෝපියාවේ බන්නා ගෝත්‍රිකයින් අදටත් බොරු කකුල් ආධාරයෙන් ඇවිදින සම්ප්‍රදායෙන් දුරස් වුණේ නැහැ. ඔහියෝ ගංගාව ආශ්‍රිතව ජීවත් වුණ බන්නා ගෝත්‍රිකයන් මේ අන්දමින් බොරු කකුල් ආධාරයෙන් ඇවිදීමට පුරුදු වී සිටියේ සතුන්ගෙන් සිදු වෙන අනතුරු වළක්වා ගැනීමටයි. ගවයින් ඇති කිරීමෙන් ජීවත් වුණ බන්නා ගෝත්‍රිකයින් තැනින් තැන ඇවිදමින් තමන්ගේ ගවයින් පෝෂණය කළ නිසා ඔවුන්ට සර්පයන්ගෙන් සිදු විය හැකි අනතුරු අවදානම ඉතාම ඉහළින් තිබුණා. ඒ නිසා මේ අන්දමින් පොළවෙන් ඉහළට සිටින සේ තමන්ගේ දෙපාවලට බොරු කකුල් සවි කර ගෙන ඇවිදීමට පුරුදු වුණා. අදටත් මේ කලාපයේ තරුණයන් 15,000 ක් පමණ මේ පුරුදු අනුගමනය කරනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment