පරීක්‍ෂණවලින් චෝදනා ඔප්පු වී නැහැ – වෛද්‍ය ෂාෆි නැවත සේවයේ පිහිටුවන්න

246

කුරුණෑගල රෝහලට අනුයුක්ත කරන්නැයි
රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය ලේකම්ට දන්වයි

මවුවරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවී තිබූ වෛi ෂාෆි ෂිහාබ්දීන් මහතා නැවත කුරුණෑගල ශික්‍ෂණ රෝහලට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී ඇත.

එස්. එස්. එම්. ෂාෆි මහතාට එල්ලවී තිබූ චෝදනා සලකා බැලූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව ඔහු වෙත එල්ල වූ චෝදනා මූලික විමර්ශනය වෙත ඉදිරිපත් කරන ලද වාචික හා ලිඛිත සාක්‍ෂි මගින් ඔප්පු වී නොමැති බැවින් විනය කටයුතු අවසන් කිරීමට සහ එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත අනුයුක්ත කරන ලෙස ද කළුකපුආරච්චි මහතා ඉල්ලා ඇත.

තවද උක්ත නිලධාරියා සම්බන්ධයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර තමා වෙත වාර්තා කරන ලෙස ද කළුකපුආරච්චි මහතා සෞඛ්‍ය ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.


advertistmentadvertistment