පහනක් වී අඳුරු නපුරු බලවේග දුරු කරන්න – මහනුවර රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ මාතලේදී අභිවෘද්ධිය ආලේපය දානය කරමින් පවසති.

83

ලුණු කැටයකට ලොකු දෙයක් කළ හැකි බවත් පුංචි පහනකට අඳුර මැකිය හැකි බවත් ඔබත් අද පුංචි පහනක් වී අඳුරු නපුරු බලවේග තුරන් කරන්නට වෙර දරන ලෙසත් පුංචි මිණි කැටයක් වී අඳුරට ආලෝකයක් වී යහපත් ආකල්ප ගොඩනඟන ලෙසත් ඒ ආලෝකයේ පහන සදාකාලිකවම ඔබේ ජීවිතයේ පවතින්නට ක්‍රියා කරන ලෙසත් මහනුවර රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ මාතලේදී ප්‍රකාශ කළහ.

මාතලේ මීසමේ දරුවන් තිස් පස් දෙනෙකුට අභිවෘද්ධිය ආලේපය දානය කිරීමේ විශේෂ දිව්‍ය පූජාව ඉකුත්දා මාතලේ සාන්ත තෝමස් මුනිඳුන්ගේ දෙව්මැඳුරේදී රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී දරුවන් අමතා දේශනා කරමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ. මෙහිදී වැඩිදුරටත් දරුවන් අමතා අනුශාසනා කළ රදගුරු හිමිපාණෝ පළමු පෙන්තකොස්ත දවසේදී බියේ සිටිය ගෝලයන් මතට ශුද්ධාත්ම ආගමනයෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ඇති වුණු වෙනසත් සමග පුදුම එළියක් බලයක් ඔවුන්ට ලැබුණු බවද සමහර ගෝලයන් ඉන්දියාවට පවා පැමිණ තමන්ගේ ජීවිතය පූජා කළ බවද සිහිපත් කළ අතර ක්‍රිස්තු භටයකු හැටියට සමාජ ගත වෙමින් ඒ ආදරය පෙන්වීමට ඔවුන් මුළු ලෝකයටම ගිය බවද අවධාරණය කළහ. මාතලේ මීසම් සේවක රොජර් ප්‍රනාන්දු පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ මාතලේ සහයක සන්තානා සබාරත්නම් පියතුමන් විසින් මාතලේ යහපත් එf`ඩ්රාගේ කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය ඇතුළු පැවිදි සොහොයුරියන්ගේ සහ මාතලේ සාන්ත තෝමස් දහම් ගුරු භවතුන්ගේ ද දෙමාපියන්ගේ ද කැපවීමෙන් මෙම විශේෂ දිව්‍ය පූජාව සංවිධානය කළේය.

මාතලේ මීසමේ සිංහල දරුවන් දහහතර දෙනෙකුට සහ දමිළ දරුවන් විසි එක් දෙනෙකුට මෙහිදී අභිවෘද්ධිය ආලේපය දානය කෙරුණු අතර දිව්‍ය පූජාවෙන් අනතුරුව රදගුරු හිමිපාණන් හා දරුවන් අතර සුහද හමුවක් ද පැවතීම සුවිශේෂී සිද්ධියක් වූ අතර මීසම් සේවක පියතුමන් සමග පැවිදි සොහොයුරියන් ද එම අවස්ථාව සඳහා දරුවන් සමග එක්ව සිටියහ.

ජෝ.ඇ. සකරායස්

පහනක් වී අඳුරු නපුරු බලවේග දුරු කරන්න - මහනුවර රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ මාතලේදී අභිවෘද්ධිය ආලේපය දානය කරමින් පවසති.


advertistmentadvertistment