අමාත්‍යාංශවල විෂයයන් විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව බෙදා වෙන් කළ අයුරින්ම පළාත් සභා අමාත්‍යාංශවල විෂයයන් ද විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව බෙදා වෙන් කිරීමට කටයුතු කරන ලෙස පළාත් සභාවල ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු රජයෙන් ඉල්ලා සිටිති.
පළාත් සභාවලට අයත් අමාත්‍යාංශවල විෂයයන් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බෙදා ඇති බව සඳහන් කරන එම රාජ්‍ය නිලධාරීහු මෙම තත්ත්වය නිසා අමාත්‍යාංශවල කටයුතු කරගෙන යෑමේ දී ගැටලු රැසකට ලක්ව ඇති බව ද කියති. ඇතැම් පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කිසිදු අයුරකින් ගැලපීමක් නොමැති ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහාමාර්ග යන විෂයයන් එක්කොට ඇති බව ද එම නිලධාරීහු පවසති.
දැනට පළාත් සභාවල අමාත්‍යවරුන් නොමැති නිසා මෙකී අමාත්‍යාංශ, අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් පාලනය කරනු ලබයි.
දේශපාලනඥයින්ගේ ඕනෑ එපාකම් අනුව පසුගිය කාලයේ පළාත් සභා අමාත්‍යාංශවල විෂයයන් බෙදා වෙන්කොට දී තිබුණි. නව රජයේ ආණ්ඩුකාරවරුන් විසින් ද පසුගියදා පැවැති ආණ්ඩුකාර සමුළුවේ දී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ද පැවසෙයි.
ලලිත් චාමින්ද