රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දිළිඳුභාවය සම්බන්ධයෙන් අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කරගනිමින් ක්‍රමවත්ව සැලසුම් කළ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මේ තීරණය ගෙන ඇත.
ඒ අනුව නව රජයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට අනුව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන දැක්ම සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි බහුවිධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත