ශ්‍රී ලංකා මාස්ටර්ස් හොකී සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ප්‍රවීණයන්ගේ සිව් කොන් ජාත්‍යන්තර හොකී තරගාවලියේ දෙවන දින තරග අද (මැයි 02) කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙම තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (01) තරග 04 ක් ක්‍රියාත්මක කෙරුණි. එහි තවත් තරග 04 ක් අද පැවැත්වෙන බව ශ්‍රී ලංකා මාස්ටර්ස් හොකී සංගමයේ ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතා අනාවරණය කළේය.
අද ප. ව. 06.30 ට ශ්‍රී ලංකා (මෙරූන්ස්) සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය (බී) අතර ද, ප. ව. 07.00 ට ඉන්දියාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය (ඒ) අතර ද ප. ව. 07.30 ට ඕමානය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය (බී) අතර ද ප. ව.08.00 ශ්‍රී ලංකා (ගෝල්ඩ්ස්) සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය (ඒ) අතර ද තරග පැවැත් වේ.
ශ්‍රී ලංකාව, ඕමානය, ඉන්දියාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය (ඩුබායි) අතරේ මෙවර තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන අතර එය සැණකෙළියක ස්වරූපයෙන් පැවැත් වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. එම තරග සියල්ලම විදුලි ආලෝක ධාර මැද ප. ව. 06.00 සිට ප.ව. 09.00 දක්වා පැවැත්වීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයකි.
ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර හොකී තරගාවලියක් මෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වීම ද කැපී පෙනෙන්නකි. මෙහි අවසන් මහ තරගය හෙට (03දා) ප.ව. 08.00 ට ආරම්භ කෙරේ.
ඡායාරූපය : කමල් වන්නිආරච්චි
අනුරුද්ධ හේරත් බණ්ඩාර