ප්‍රේමය නතර නොකළැයි අත කපයි

515

ප්‍රේම සම්බන්ධයක් නතර නොකිරීම නිසා කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් විසින් කිළිනොච්චියේ විනයාගපුරම් ප්‍රදේශයේ තරුණයෙකුගේ අතක් කපා දමා තිබේ.

අත කපා දැමීම නිසා බරපතල ලෙස තුවාල ලැබූ විනායකපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙන්තිල් කුමාර් තනුජන් නැමැති අයව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

මෙම තරුණයා සිය ගම්මානයේම 17 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතවයක් පවත්වා ගෙන ගොස් අති අතර දෙදෙනාම පාසල් සිසුන් නිසා එම සම්බන්ධයට පෙම්වතියගේ පාර්ශ්වයේ සියලු දෙනාම විරුද්ධ වී තිබේ.
වහාම එම සම්බන්ධය නවත්වන ලෙසට අවස්ථා කීපයක්ම තරුණයාට දැණුම් දී ඇතත් ඔහු එය නතර කොට නොමැත.
මින් කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් පිරිසක් තරුණයාට පහර දී පසුව සියුම් ආයුධයකින් ඔහුගේ අත කපා දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment