පානදුරේ ධර්මපාල පිළිරුව ළඟත් සුරා සලක් – ජයන්ත සමරවීර

56

මෙරට අමද්‍යප සටනේ පුරෝගාමියා වූ අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව අබියස නව සුරා සලක් ආරම්භ කිරීමට බලපත්‍රයක් නිකුත්කර තිබෙන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

මේ වනවිට රටේ ඉතා සීග්‍රයෙන් රා. වි. 04 වර්ගයේ සුරාසල් ආරම්භ කිරීම සිදුවන බවත් ඒ අනුව පානදුරේ පිහිටි අනගාරික පිළිරුව අබියස ස්ථායක ද අලුත් සුරා සලක් ආරම්භ කිරීම සඳහා නව බලපත්‍රයක් ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඊට ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේ ඇතුළු මහජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවී ඇති බව ද කී මන්ත්‍රීවරයා එම ස්ථානයේ සුරා සලක් ආරම්භ කිරීමේ කටයුත්ත වහාම අත්හිටුවීමට ක්‍රියාකරන ලෙස ද කියා සිටියේය.

එම ස්ථානයේ සුරා සලක් ආරම්භ කිරීමට කටයුතු සැලැස්වූ නිලධාරීන් ගැන ද සොයා බලන ලෙස හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment