ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි

179

ඉන්දියාවේ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පෙරේදා රාජකාරි භාර ගත් අස්ථාව. බුදුන් වැ`ද රාජකාරි භාර ගත් මොරගොඩ මහතා පසුව කාර්ය මණ්ඩලය ද ඇමතුවේය. දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරමින් කටයුතු කරන බවත් එහිදී සියලූ දෙනාගේම සහයෝගය අපේක්‍ෂා කරන බවද මොරගොඩ මහතා එහිදී සඳහන් කළේය. 2001 වසරේ එජාප රජයේ ඇමැතිවරයකු ලෙසද පසුව ඇමැති ධුර කිහිපයක්ද හෙබවූ මොරගොඩ මහතා පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසද කටයුතු කර තිබේ.

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා  මහ කොමසාරිස්  මිලින්ද මොරගොඩ රාජකාරි අරඹයි
advertistmentadvertistment
advertistmentadvertistment