රථයේ ගමන් ගත් යුවළ අනූනවයෙන් බේරෙයි
අනුරාධපුර – පුත්තලම වාහන ධාවනය ප්‍රවේශමෙන්…
පොලිසිය සහ වනජීවියෙන් රියැදුරන්ට අවවාද
අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකු මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගැටී මෝටර් රථයේ ඉදිරිපස එන්ජිම පිහිටි ප්‍රදේශයට වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි යුවළකගේ
ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවී බේරී ඇත්තේ පෙර වාසනාවකට බව සිද්ධිය දුටුවෝ පවසති.
පුත්තලම මූලික රෝහලේ රසායනාගාර ශිල්පියකු සහ ඔහුගේ බිරිඳ මෙම මෝටර් රථයේ ගමන් කර තිබේ. මාර්ගය අසල සිටි වන අලියා එකවරම මාර්ගයට
පැමිණීමෙන් මෝටර් රථය නවතාලීමට නොහැකී වී වන අලියා වාහනයේ ගැටී තිබේ.
මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වනඅලි මාර්ගය හරහා මාරුවන බවත් මේ සම්බන්ධව දැනුම් දීමට මාර්ගය අසල පුවරු සවිකර තිබියදීත් එම ප්‍රදේශයේ අපරීක්ෂාකාරීව වාහන ධාවනය කිරීමට කටයුතු නොකරන ලෙස පොලිසිය සහ වනජීවී නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
අමරනන්ද විජේසේකර – මහවැව