පැරදුණු අයකුට හෝ ජාතික ලැයිස්තුවේ අයකුට බෝනස් මන්ත්‍රී වරම්

752

මැ.කො.ස. කියයි

මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ පක්ෂයකට හිමි ප්‍රසාද ආසන සඳහා පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අයකුට හෝ ජාතික ලැයිස්තුවේ අයකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා දිවයිනට ඊයේ (17දා) පැවසීය.

පළමු අවස්ථාවේදී පරාජයට පත්වූ අයකු හෝ ජාතික ලැයිස්තුවේ අයකු පාර්ලිමේන්තුවට පත්වී ඔහු ඉවත්වන්නේ නම් ජාතික ලැයිස්තුවේ මෙතෙක් නොමැති නමක් ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඔහුට ද පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව ඇතැයි ඒ මහතා කීය. එහිදී එම සාමාජිකයා පක්ෂයේ සාමාජිකයකු බවට එම පක්ෂය විසින් තහවුරු කර මැතිවරණ කොමිසමට එවීම ප්‍රමාණවත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment