සුඩාන වැසියෝ අට ලක්ෂයක් රටින් පලා යති

250

සුඩානයේ රජයේ හමුදාවන් හා කැරළිකරුවන් අතර පවතින සටන් හේතුවෙන් ඉදිරියේදී සුඩාන වැසියන් අටලක්ෂ පහළොස්දහසක් පමණ දෙනා අසල්වැසි රටවල් හතකට පලා යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් රවුෆ් මසාවූ පවසා ඇත්තේ මෙසේ රටින් පලා යන පිරිසට සුඩාන ජාතිකයන් මෙන්ම එරට තාවකාලික පදනමින් සිටින විශාල සරණාගතයන් පිරිසක් අයත් වන බවයි.

දැනටමත් පවතින සටන් හේතුවෙන් 73,000ක් පමණ දෙනා සුඩානයෙන් පලා ගොස් ඇති බව ඔහු සඳහන් කර තිබේ. ඉදිරියේදී රටින් පලා යෑමට නියමිත පිරිසෙන් පන්ලක්ෂ අසූදහසක් සුඩාන වැසියන් බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා අනාවරණය කර තිබේ. සටන් වැද සිටින සුඩාන රජයේ හමුදාවන් හා කැරැලි කණ්ඩායම් අතර පසුගියදා සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කර තිබුණද දෙපාර්ශවයම එය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment