පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළ ඊයේ (06දා) ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අවස්ථාවේ ‘දිවයින’ පුවත්පතට සම්මාන රැසක්ම හිමිවිය. එහිදී වසරේ විශිෂ්ටතම කර්තෘවරයාට හිමි සම්මානය දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාට හිමි වූ අතර ජීවිතයේ එක් වතාවකදී පමණක් පිරිනැමෙන පුවත්පත් කලාවට කරන ලද මෙහෙවර අගයන ‘ලයිෆ් ටයිම්’ සම්මානයද දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාට මෙවර ප්‍රදානය කෙරිණි.

පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේදී 'දිවයින'ට සම්මාන පිට සම්මාන
පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේදී 'දිවයින'ට සම්මාන පිට සම්මාන

උලෙළට ප්‍රධාන ආරාධිතයින් ලෙස හිටපු කථානායක කරු ජයසූරිය, ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක, ප්‍රවීණ රංගධර ක්ලීටස් මෙන්ඩිස්, ප්‍රවීණ ගේය පද රචන රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය පුෂ්පා රම්‍යානි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, රංගන ශිල්පිනි සනෝජා බිබිලේ ඇතුළු පිරිසක් එක්ව සිටියේය. එහිදී වසරේ හොඳම ක්‍රීඩා කර්තෘවරයාට හිමි සම්මානය ‘දිවයින’ ක්‍රීඩා පිටුවේ සංස්කාරක සුසිල් ජයකොඩි මහතාට පිරිනැමුණු අතර හොඳම ප්‍රාදේශීය වාර්තාකරණයට සඳහා වූ පිනකල් ශ්‍රී ලංකා සම්මානය දිවයින ගුවන්තොටුපළ වාර්තාකරු ටී.කේ.ජී. කපිල මහතාට පිරිනැමිනි. හොඳම ඉංග්‍රීසි පුවත්පතට හිමි සම්මානය ‘දී අයිලන්ඩ්’ පුවත්පතට මෙවර හිමිවුණු අතර එය භාරගනු ලැබුවේ ඡායාරූප කර්තෘ නිශාන් එස්. ප්‍රියන්ත මහතා විසින් භාරගනු ලැබීය. ඉතා විචිත්‍රවත් ලෙස පැවැති මෙම උලෙළ ඵඹඨඡ ඉන්ටර්නැෂනල් ඔර්ගනයිශේෂන් ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කර තිබිණි.

පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේදී 'දිවයින'ට සම්මාන පිට සම්මාන
පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේදී 'දිවයින'ට සම්මාන පිට සම්මාන

හෙළ ගීත ක්ෂේත්‍රය කළ උත්තම මෙහෙවරට ආචාර්ය නන්දා මාලිනිය මහත්මිය වෙත ද, කෘතහස්ත ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාට සහ ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල මහතාට විශේෂ ගෞරව සම්මාන ප්‍රදානයක් ද මෙවර සිදුවීම එම උලෙළේ කැපී පෙනෙන තවත් සිදුවීම් විය.


advertistmentadvertistment