කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී සිය පියා පැදවූ ටිපර් රථයකට යටවී අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවකු මරුමුවට පත්වී ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ තවකුමාර් සින්දුජන් නමැති දරුවෙකි.
දරුවා සෙල්ලම් කරමින් සිටියදී ටිපර් රථය පිටුපසට ගැනීමේදී දරුවා ඊට යටවී අනතුරට ලක්වී ඇතැයි හෙළිවූ බව ද පොලිසිය පවසයි.
පියා එම රථයේ ඉදිරිපස රෝදය ගලවා නඩත්තු කටයුත්තක් සිදුකර තිබේ. අනතුරුව ඔහු එම රෝදය නැවත සවිකර රථයට ගොඩවී එය පසුපසට ගැනීමේදී දරුවා ලොරියේ වම් පැත්තේ ඉදිරිපස රෝදයට යටවී ඇතැයි හෙළිවූ බව ද පොලිසිය කියයි.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහලේදී පෙරේදා (19දා) සිදු කෙරිණි.
මේ පිළිබඳව කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගුණතිලක මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනගීතන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්