පිළිතුරු හොඳින් ලියන්න බැරිවිණැයි – උසස් පෙළ සිසුවිය දිවි නසාගෙන

87

මෙවර පැවති අපොස උසස් පෙළ විභාගයට සාර්ථකව පිළිතුරු ලිවීමට නොහැකි වූ බව පවසමින් යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ ශිෂ්‍යාවක සිය නිවස තුළ ගෙල වැලලාගෙන 31 දා මියගොස් තිබේ.

ඇය විභාගය හමාර වී නිවසට පැමිණි විගස මවට පවසා ඇත්තේ මෙවර විභාගය තමන්ට ඉතා අසීරු වූ බවයි.

පසුව ඇය කල්පනා කරමින් නිවසේ සිට ඇති අතර නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක් බලා සිය දිවි නසාගෙන තිබේ. පියා නිවසට පැමිණි අවස්ථාවේදී තම දියණිය ගෙල වැළලාගෙන මියගොස් ඇති අයුරු දැක තිබේ.

වහාම ඇයව තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරු ප්‍රකාශකොට ඇත්තේ ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි.

මියගිය සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 2ක් ලබාගෙන සිටි සිසුවියකි.

මියගිය සිසුවිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය තෙලිප්පලෙයි රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment