පොල් පොහොර මිල රු.2000කින් බසී

321

කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝගවලට භාවිතා කරන කිලෝ 50ක පොහොර බෑගයක මිල රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කිරීමට රාජ්‍ය පොහොර සමාගම පියවර ගෙන ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙලෙස පොහොර මිල අඩු කිරීමට පියවර ගත් බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

ඊට අමතරව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහෙර වර්ගයකම මිල මෙටි්‍රක් ටොන් 01ක් සඳහා රුපියල් 5000කින් අඩු කිරීමට ද කටයුතු යොදා තිබේ. කුරුඳු, තේ සහ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගන්නා ලද බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මිල අඩු කිරීමත් සමග රුපියල් 9,000ක්ව පැවැති කිලෝ ග්‍රෑම් 50 APM පොහොර බෑගයක නව මිල රුපියල් 7,200කි. රුපියල් 8,000ක්ව පැවැති YPM පොහොර කිලෝ ග්‍රෑම් 50 බෑගයක නව මිල රුපියල් 6,200කි. රුපියල් 9,750ක්ව පැවති කුරුඳු (යූරියා) කිලෝ ග්‍රෑම් 50 බෑගයක නව මිල රුපියල් 7,950කි. රුපියල් 8,000ක්ව පැවැති කුරුඳු (SA) කිලෝ ග්‍රෑම් 50 බෑගයක නව මිල රුපියල් 6,200කි. රුපියල් 11,000ක් වූ කිලෝ ග්‍රෑම් 50 ඔෘඵ බෑගයක නව මිල රුපියල් 9,200කි.

උපාලි ද සේරම්


advertistmentadvertistment